මුලින්ම කියන්නම් මේ මගේ blog එකට මම ලියන මුල්ම ලිපිය. එතකොට අනිත් ඒවා කාගේද? ඔව් ඔව් ඒව තැන් තැන් වලින් උපුටා ගත ඒවා තමයි. ;) තැන් තැන් කිව්වට අපේම fb group එකෙන් හොඳේ. blog read කරද්දී ඉක්මනින් අර්ථය එනවනම් මම කැමතියි. ඔයාලත් එහෙම ඇති. ඒ නිසා වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කතාවට බහින්නම්.
ඔන්න එකමත් එක රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා. මේ දෙන්නා ඉස්කෝලේ යන කාලේ කොහොම හරි යාලු උන කියමුකෝ. ඔන්න මේ දෙන්නා ඉතින් ගෙවල් වලට හොරෙන් affair එක කරගෙන යනවා. කෙල්ල කොල්ලට වඩා අවරුදු 3,4 කට විතර බාලයි. කොල්ල උසස් පෙළ. අනේ ඉතින් කොල්ලත් කට්ට කාගෙන කෙල්ලගේ clz ඉවර වෙන වෙලාවල් හොයාගෙන කෙල්ල එක්ක යන්න එනවා. නිතර නතර හම්බුනත් කොල්ල තාම කෙල්ලගේ අතින් වත් අල්ලලා නෑ. හරිම අහිංසක බොක්කෙන්ම love කරන කොල්ලෙක්.. හරියට මම වගේ. hehe. :) කොල්ල ඉතින් කෙල්ල එක්ක bus එකේ වාඩි වෙලා කතා කර කර යනවා විතරයි. මාසයක් විතර යනකන්ම දෙන්නා ඔහොම කතා කර කර ගියා. හැමදාම මේ විදියට ඉන්නත් බෑනේ. ඔන්න ඉතින් එක දවසක් bus එකේදී කොල්ල කෙල්ලගේ අතින් අල්ලගත්ත. මෙන්න බොලේ අතින් අල්ලගත්ත විතරයි කෙල්ල කොල්ලට තුරුල් වුණා. කොල්ලට full happy . :D කාලේ ගෙවිල ගියා. දැන් නම් දෙතුන් වතාවක් ගෙවල් වලටත් affair එක මාට්ටු වෙලා. එත් දෙන්නා තාම හම්බෙනවා. කොල්ල තාම කෙල්ලගේ අතින් ඇල්ලුවා විතරයි. ටික ටික කාලේ ගෙවිල යද්දී කෙල්ලගේ b'day එකත් අවා. කොල්ලත් ඉතින් අතින් කටින් තෑගි අරගෙන කෙල්ලව බලන්න අවා. අද කොල්ල කෙල්ලට තවත් special තෑග්ගක් දෙන්න හිටියේ. ඒ තමයි ප්‍රථම හාදුව. එත් කරුමෙට එදා bus එකේ පෙම් මුල්ල හම්බුනේ නෑ. සෙනගත් වැඩි. ඒ නිසා කොල්ල ඒ අදහස අතෑරියා.
කාලේ ගෙවිල ගියා දැන් affair එකට අව්රුද්දකටත් කිට්ටුයි. හැබැයි තාම එකම එක kiss එකක්වත් දීල නෑ. ඔන්න ඉතින් 1st anniversary එකත් අවා කියමුකෝ. කොල්ල එදත් අවා තෑගි අරන් කෙල්ලව හම්බවෙන්න. වාසනාවට එදා bus එකේ සෙනගත් අඩුයි. පෙම් මුල්ලත් හිස්. කොල්ල දෙවියන්ට පින් දීල එදා කෙල්ලට ප්‍රථම හාදුව දුන්නා. :) කෙල්ලත් හිනාවෙලා ටික වෙලාවකින් කියනවා ඔයාට මේක දෙන්න අව්රුද්දක්ම ඉන්න ඕන උනාද කියල. වස නෝන්ඩිය. :D එදායින් පස්සේ ඔන්න දෙන්න හම්බෙන හැම දවසකම වගේ කෙල්ලගෙන් කොල්ලටත්, කොල්ලගෙන් කෙල්ලටත් kiss එක බැගින් තෑගි ලැබුණා.. :P
මෙච්චර වෙලා ලියපු එකෙන් මට කියන්න ඕන උනේ මේකයි. ආදරේ කරද්දී හාදුවක් කියන්නේ දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. එකට කල් මැන මැන ඉන්න ඕනේ නෑ. කෙල්ල මොනවා හරි හිතයිද කියල බය වෙන්න ඕනත් නෑ. මම මේක ලියන්නේ ඒ වගේ කව්රු හරි බයෙන් ඉන්නවනම් ඒ බය නැති කරන්න මේක පොඩි හරි help එකක් වෙයි කියල හිතන නිසා. මොකද මේ වගේ අත්දැකීම් තියෙන අය ඕන තරම් ඇති.හැබැයි තවත් වැදගත්ම දෙයක් කියන්නම්. ආදරේ කරාට බන්දිනකන් kiss එකක් ඇරෙන්න වෙන මුකුත් ගැන හිතන්න එපා. මොකද අපිට තියෙන හොඳ සංස්කෘතිය සදාචාරය නැති කරගන්න හොඳ නෑ. තමන්ගේ සතුට වෙනුවෙන් කව්රුවත් අහිංසක කෙල්ලන්ගේ ජීවිත විනාස කරන්නත් එපා. ආදරේ කරනවානම් අවංක වෙන්න. තමන් ගැන හිතනවට වඩා අනිත් කෙනාගේ පැත්තෙන් හිතන්න. එතකොට කවදාවත් ආදරෙන් පරදින එකක් නෑ. :)
හෝව් හෝව්.. මම මහා පණ්ඩිතයෙක් නෙවෙයි. :) එත් අපිට පුලුවන්නම් ටික ටික අපේ මොලවල් වලට හොද දේවල් ඇතුළු කරගන්න අනිත් අයට උදව් කරන්න ඒකෙන් මේ සමාජේ ලස්සන වෙයි. කෙටියෙන් ලියනවා කිව්වට දිග වැඩි උනානම්, කියවන්න boring වගේ දැනුනානම් sorry වෙන්න ඕනේ. තාම මම blog ලියන්න පටන් ගත්ත විතරනේ හොඳේ..... :)
No comments:
Post a Comment