Tuesday, September 18, 2012

දුටු දා ඉඳලා පෙම් බැන්දාද?


ඔන්න මම හා හා පුර කියල ලියන කුළුඳුල් දෙවෙනි post එක.. lol :D












ආදරේ කොයි වෙලාවේ කොහොම ඇති වෙනවද කියල අපිට තීරණය කරන්න බෑ. කෙනෙක්ව දැක්ක පළවෙනි වතාවේම ආදරයක් ඇති වුනා කියන අයත් ඉන්නවා. හැබැයි ඒ කතාව නම් තරමක් දුරට බැහැර කරන්න පුළුවන්. පළමු වතාවට දැකල ඒ කෙනා ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එත් ඒ ආදරේ නෙවෙයි. නමුත් ඒ කැමැත්ත නිසාම දිගින් දිගටම එය ගැන හොයද්දි ඒ කෙනා ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන්. ආදරේ අපි හිතන තරම් සරල නෑ. හරි සංකීර්ණ දෙයක්. මම මේ කියන්නේ experience එකෙන්. ;) ඉතින් මම මේ කියන්න හැදුවේ කව්රු හරි කිව්වොත් දැක්ක මුල් දවසෙම ආදරයක් ඇති උණා කියල ඒක නම් පිළිගන්න එපා. :)

Wednesday, September 12, 2012

Absence














My love is like the sun that warms me when I am cold,
And like the cool water of the brook that refreshes me.
My love knows the secret pleasures of my soul,
And delights with me in fulfilling them.
Who is my love but the soul of my soul,
And the reason for every beat of my heart.
Who fills me with life in the joy of her presence,
And returns to me more than I have given.
Come to me, my love, I die without you.
Each day is eternity, waiting for your touch.
Remove the tears from my eyes and the ache in my heart,
Be closer than my breath, all my days, all my nights.

Author: Phillip Varady Sr. (Excerpted from The Stonebearers)

Sunday, September 2, 2012

ප්‍රථම හාදුව....

මුලින්ම කියන්නම් මේ මගේ blog එකට මම ලියන මුල්ම ලිපිය. එතකොට අනිත් ඒවා කාගේද? ඔව් ඔව් ඒව තැන් තැන් වලින් උපුටා ගත ඒවා තමයි. ;) තැන් තැන් කිව්වට අපේම fb group එකෙන් හොඳේ.  blog read කරද්දී ඉක්මනින් අර්ථය එනවනම් මම කැමතියි. ඔයාලත් එහෙම ඇති. ඒ නිසා වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. 




                   ඔන්න එකමත් එක රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා. මේ දෙන්නා ඉස්කෝලේ යන කාලේ කොහොම හරි යාලු උන කියමුකෝ. ඔන්න මේ දෙන්නා ඉතින් ගෙවල් වලට හොරෙන් affair එක කරගෙන යනවා. කෙල්ල කොල්ලට වඩා අවරුදු 3,4 කට විතර බාලයි. කොල්ල උසස් පෙළ. අනේ ඉතින් කොල්ලත් කට්ට කාගෙන කෙල්ලගේ clz ඉවර වෙන වෙලාවල් හොයාගෙන කෙල්ල එක්ක යන්න එනවා. නිතර නතර හම්බුනත් කොල්ල තාම කෙල්ලගේ අතින් වත් අල්ලලා නෑ. හරිම අහිංසක බොක්කෙන්ම love කරන කොල්ලෙක්.. හරියට මම වගේ. hehe. :) කොල්ල ඉතින් කෙල්ල එක්ක bus එකේ වාඩි වෙලා කතා කර කර යනවා විතරයි. මාසයක් විතර යනකන්ම දෙන්නා ඔහොම කතා කර කර ගියා. හැමදාම මේ විදියට ඉන්නත් බෑනේ. ඔන්න ඉතින් එක දවසක් bus එකේදී කොල්ල කෙල්ලගේ අතින් අල්ලගත්ත. මෙන්න බොලේ අතින් අල්ලගත්ත විතරයි කෙල්ල කොල්ලට තුරුල් වුණා. කොල්ලට full happy . :D කාලේ ගෙවිල ගියා. දැන් නම් දෙතුන් වතාවක් ගෙවල් වලටත් affair එක මාට්ටු වෙලා. එත් දෙන්නා තාම හම්බෙනවා. කොල්ල තාම කෙල්ලගේ අතින් ඇල්ලුවා විතරයි. ටික ටික කාලේ ගෙවිල යද්දී කෙල්ලගේ b'day එකත් අවා. කොල්ලත් ඉතින් අතින් කටින් තෑගි අරගෙන කෙල්ලව බලන්න අවා. අද කොල්ල කෙල්ලට තවත් special තෑග්ගක් දෙන්න හිටියේ. ඒ තමයි ප්‍රථම හාදුව. එත් කරුමෙට එදා bus එකේ පෙම් මුල්ල හම්බුනේ නෑ. සෙනගත් වැඩි. ඒ නිසා කොල්ල ඒ අදහස අතෑරියා.


       කාලේ ගෙවිල ගියා දැන් affair එකට අව්රුද්දකටත් කිට්ටුයි. හැබැයි තාම එකම එක kiss එකක්වත් දීල නෑ. ඔන්න ඉතින් 1st anniversary එකත් අවා කියමුකෝ. කොල්ල එදත් අවා තෑගි අරන් කෙල්ලව හම්බවෙන්න. වාසනාවට එදා bus එකේ සෙනගත් අඩුයි. පෙම් මුල්ලත් හිස්. කොල්ල දෙවියන්ට පින් දීල එදා කෙල්ලට ප්‍රථම හාදුව දුන්නා. :) කෙල්ලත් හිනාවෙලා ටික වෙලාවකින් කියනවා ඔයාට මේක දෙන්න අව්රුද්දක්ම ඉන්න ඕන උනාද කියල. වස නෝන්ඩිය. :D එදායින් පස්සේ ඔන්න දෙන්න හම්බෙන හැම දවසකම වගේ කෙල්ලගෙන් කොල්ලටත්, කොල්ලගෙන් කෙල්ලටත් kiss එක බැගින් තෑගි ලැබුණා.. :P

       මෙච්චර වෙලා ලියපු එකෙන් මට කියන්න ඕන උනේ මේකයි. ආදරේ කරද්දී හාදුවක් කියන්නේ දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. එකට කල් මැන මැන ඉන්න ඕනේ නෑ. කෙල්ල මොනවා හරි හිතයිද කියල බය වෙන්න ඕනත් නෑ. මම මේක ලියන්නේ ඒ වගේ කව්රු හරි බයෙන් ඉන්නවනම් ඒ බය නැති කරන්න මේක පොඩි හරි help එකක් වෙයි කියල හිතන නිසා. මොකද මේ වගේ අත්දැකීම් තියෙන අය ඕන තරම් ඇති.හැබැයි තවත් වැදගත්ම දෙයක් කියන්නම්. ආදරේ කරාට බන්දිනකන් kiss එකක් ඇරෙන්න වෙන මුකුත් ගැන හිතන්න එපා. මොකද අපිට තියෙන හොඳ සංස්කෘතිය සදාචාරය නැති කරගන්න හොඳ නෑ. තමන්ගේ සතුට වෙනුවෙන් කව්රුවත් අහිංසක කෙල්ලන්ගේ ජීවිත විනාස කරන්නත් එපා. ආදරේ කරනවානම් අවංක වෙන්න. තමන් ගැන හිතනවට වඩා අනිත් කෙනාගේ පැත්තෙන් හිතන්න. එතකොට කවදාවත් ආදරෙන් පරදින එකක් නෑ. :)

       හෝව් හෝව්.. මම මහා පණ්ඩිතයෙක් නෙවෙයි. :) එත් අපිට පුලුවන්නම් ටික ටික අපේ මොලවල් වලට හොද දේවල් ඇතුළු කරගන්න අනිත් අය‍ට උදව් කරන්න ඒකෙන් මේ සමාජේ ලස්සන වෙයි. කෙටියෙන් ලියනවා කිව්වට දිග වැඩි උනානම්, කියවන්න boring වගේ දැනුනානම් sorry වෙන්න ඕනේ. තාම මම blog ලියන්න පටන් ගත්ත විතරනේ හොඳේ..... :)

Saturday, September 1, 2012

"LOVE" , a special world...


















A special world for you and me
A special bond one cannot see
It wraps us up in its cocoon
And holds us fiercely in its womb.

Its fingers spread like fine spun gold
Gently nestling us to the fold
Like silken thread it holds us fast
Bonds like this are meant to last.

And though at times a thread may break
A new one forms in its wake
To bind us closer and keep us strong
In a special world, where we belong.

-Sheelagh Lennon -

බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිනිපා.....

පූජනීය ආදරේ ගැන කතා කරද්දී මුළු ලෝක සත්වයාටම එකවගේ ආදරේ කළ බුදු පියාණන්ව අමතක කරන්නම බෑ....
බුදු පියාණනි ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා....    
















බුදු  පියාණනේ
ඔබේ පාද කරනෙමි පිනිපා

පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ

බුදු  පියාණනේ
ඔබේ පාද කරනෙමි පිනිපා//

සසර සයුරකර නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුනදම් මුහුදයි

බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි//

හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නෑවෙමි නිබඳේ
තිලොව තිලක සම්බුදු සමිඳේ

මම දිවා රැයේ
ගිලී නහමි මිය කැන් දහරේ//

ගායනය: සෝමතිලක ජයමහ

Friday, August 31, 2012

ආදරණීය තාත්තා.....


අම්මා ගැන විතරක් post එකක් ලියවුණොත් ඒක ලොකුම අඩුවක්...  අසාධාරණයක්... 
ඒ නිසා මේ අපේ ආදරණී පියාණන් වෙනුවෙන්.... 


















පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා…
ඔබේම පුතු වේවා…

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ…

පියාණනී මා…

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුන මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ…

පියාණනී මා…

පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය: අබේවර්ධන බාලසුරිය
සංගීතය: වික්ටර් රත්නායක

ආදරයේ උල්පත වූ අම්මා.........

ආදරය ගැන කියද්දි මුලින්ම මතක් වෙන්නෙ අම්මව....
ඒ නිසා මුල්ම පොස්ට් එක අම්ම ගැන....




එක දවසක් මම වැස්සේම ගෙදර ආපු දවසක...

අය්යා ඇහුව "මොකද ඔයා කුඩයක් අරන් ගියේ නැත්තේ" කියල...
අක්ක උපදෙස් දුන්න "වැස්ස නතර වෙනකම් හිටියේ නැත්තේ මොකද" කියල...
තාත්තා තරහෙන් අනතුරු හැගෙව්වා "ඔයාට දැන් හෙම්බිරිසාව හැදේවි
ඒක දැනගන්නවා" කියල...

ඒත් අම්මා මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා
"මෝඩ වැස්ස"!!
"පොඩ්ඩක් ඉන්න බැරි උන නේ මගේ පොඩි පුතා ගෙදර එනකම්"..


ඒ තමය් අම්මා ....


උපුටා ගැනීම:- කජුවත්ත එක්සත් Cricket සමාජය